අනුරාධපුරේ නිධන් හෑරු අටක් අත්අඩංගුවට
2024 August 01- Page Views : 1875
අනුරාධපුර විජේපුර සහ තෙලබුගස් වැව ප්‍රදේශවල නිදන් හාරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව ගලෙන් බිඳුනු වැව සහ අනුරාධපුර යන පොලිසි පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 65 ත් අතර පයාගල, ගලෙන් බිඳුනු වැව, චීන වරාය, අනුරාධපුර, අම්බලන්තොට, දික්වැල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි.
වැඩිදුර විමර්ශන ගලෙන් බිඳුණු වැව පොලිසිය සහ අනුරාධපුර පොලිසිය සිදුකරයි.