WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අනුරාධපුරේ නිධන් හෑරු අටක් අත්අඩංගුවට

2024 August 01- Page Views : 358

අනුරාධපුර විජේපුර සහ තෙලබුගස් වැව ප්‍රදේශවල නිදන් හාරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව ගලෙන් බිඳුනු වැව සහ අනුරාධපුර යන පොලිසි පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 65 ත් අතර පයාගල, ගලෙන් බිඳුනු වැව, චීන වරාය, අනුරාධපුර, අම්බලන්තොට, දික්වැල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි.

වැඩිදුර විමර්ශන ගලෙන් බිඳුණු වැව පොලිසිය සහ අනුරාධපුර පොලිසිය සිදුකරයි.