පතිරණ ට සහ මදුශංක ට එක්දින තරගාවලිය අහිමිවෙයි
2024 August 01- Page Views : 217
ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.
මදුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර පතිරණගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බව සඳහන් ය.
ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
එසේම කුසල් ජනිත්, ප්‍රමෝද් මදුශාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ව ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක කිරීමට ද තීරණය කර තිබේ.
තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය හෙට (02) කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.