ඉන්දීය ධීවර යාත්‍රාව පෙරැළි අයෙක් මරුට :අයෙක් අතුරුදන්
2024 August 01- Page Views : 23 යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රාවක් මගින් නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට යමේදී අද (01) අදාල ඉන්දීය ධීවර යාත්‍රාව පෙරලී සිදු වූ අනතුර හේතුවෙන් එක් ඉන්දීය ධීවරයෙකු මිය ගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පැවසීය.
උතුරු නාවික විදානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඩෙල්ෆ් මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල ඉන්දීය ධීවර යාත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව එහි සිටි ධීවරයින් නාවික හමුදා භාරයට ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී ඉන්දීය ධීවර යාත්‍රාව පලායාමට උත්සහ දරා ඇත.
ඒහිදී ඉන්දීය ධීවර යාත්‍රාව පෙරලීමෙන් ධීවර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයින් සිව්දෙනා ජලයේ ගිලී ඇති අතර නාවික හමුදා නිලධාරීන් විසින් අදාල ධීවරයින් බේරාගැනීමට ගත් උත්සහයකදී එක් ධීවරයෙකු අතුරුදහන් විය.
කෙසේ වෙතත් අනෙක් ධීවරයින් තිදෙන නාවිකහමුදා භාරයට ගෙන රෝහලගත කිරීමට පියවර ගත්තද ඉන් එක් ධීවරයෙකු මිය ගොස් ඇතැයිද නාවික හමුදාව පැවසීය.
කෙසේ වෙතත් අතුරුදහන් වූ ඉන්ද්‍යී ධීවරයා සොයා නාවික හමුදාව සෝදිසි පරික්ෂණ සිදුකරන අතරම සෙසු ධීවරයින් ප්‍රතිකාර ලබන බවටත් මිය ගිය ධීවරයා සම්බන්දයෙන් ඉන්දීය නවික හමුදාව දැනුවත් කිරීමටද උතුරු නාවික විධනය විසින් පියවර ගනු ලැබීය.