WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පන්ති ඇරී අයි­යාත් සමඟ ගෙදර එන අත­ර­තුර යතු­රු­පැ­දිය පෙරළී මිය­ගිය මනාෂා

2024 August 15- Page Views : 11

මම ඇවිත් බලන විට ලෙයින් තෙත් වුණු පාසල් ඇඳු­මින් යුතු කුඩා දැරි­යක් ලේ ගල­මින් බෝක්කුව අස්සේ උඩු­බැලි අතට පොත් බෑගය සමඟ වැටී සිටියා. ඒ අස­ලම ලේ ගලන තුවාල සහි­තව පිරිමි ළම­යෙක් ද වැටී සිටියා. පාර අද්දර පණ ගන්වන ලද යතු­රු­පැ­දි­යක් පෙරළී ගොස් තිබුණා..." යැයි මාරක රිය අන­තු­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ නික­වැ­ර­ටිය කොබෙ­යි­ගනේ ජාතික පාසලේ අට­වැනි ශ්‍රේණියේ මනාෂා හංසනී දිසා­නා­යක දැරි­යගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි දෙමින් පහළ බල­දොර, සමන්ත දිසා­නා­යක (46) මහතා පැව­සීය.

පාසල නිම වී අම­තර පන්ති­ය­ක­ටද සහ­භාගි වී තම සහෝ­ද­ර­යාද සමඟ යතු­රු­පැ­දි­ය­කින් ආපසු නිවෙ­සට යමින් සිටි­යදී නිවස ආස­න්නයේ පිහිටි වංගු­වේදී වේගය පාල­නය කර­ගත නොහැ­කිව ,යතු­රු­පැ­දිය පෙරළී සිදු වූ අන­තු­රින් මිය­ගිය දොළොස් හැවි­රිදි මේ සිසු­වි­ය­ගේ මරණ පරී­ක්ෂ­ණයේ සාක්ෂි දීම ඉකුත් 13 වැනිදා නික­වැ­ර­ටිය හදිසි මරණ පරී­ක්ෂක රංජිත් ධර්ම­සිරි මහතා ඉදි­රියේ සිදු විය.

මරණ පරී­ක්ෂ­ණ­යේදී වැඩි­දු­ර­ටත් සාක්ෂි දෙමින් සමන්ත දිසා­නා­යක මහතා මෙසේ ද පැව­සීය:

"සවස මම නිවෙසේ ඉන්න කොට බෝම්බ­යක් පුපු­ර­නවා වගේ ලොකු සද්ද­යක් ඇහුණා. මම පාරට ගොස් බලන විට ලෙයින් තෙත්වූ පාසල් නිල ඇඳු­මින් බෝක්කුව අස්සේ පොත් බෑගය සමඟ උඩු­බැලි අතට වැටී සිටි දැරිය අපේම ඥාති­යකු වන මනාෂා දුව කියලා හඳු­නා­ගත්තා. එත­නම තුවාල සහි­තව වැටී සිටි පිරිමි ළමයා මනාෂා දුවගේ අයියා වන නතීෂ පුතා බවත් මා හඳු­නා­ගත්තා. පසුව මම ලේ ගල­මින් වැටී සිටි මනාෂා දුව සහ නතීෂ පුතා ඔස­වා­ගෙ­නැ­විත් පාරෙන් තිබ්බා. මනීෂා දුව කෙඳි­රි­ගෑ­වේ­වත් නෑ. නතීෂ පුතා කෙඳිරි ගාමින් සිටියා. එවි­ටම අස­ල්වැසි පවු­ල්වල අය ද එතැ­නට දුව­ගෙන ආවා. පසුව ලොරි රථ­ය­කින් ඔවුන් රෝහ­ලට රැගෙන යෑමට කට­යුතු කළා."

මිය­ගිය දැරි­යගේ මව වන ශ්‍යාමා මාලනී (40) යන අය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය:

"මම සවස අත­ද­රුවා සමඟ නිවෙසේ ඉන්න විට යතු­රු­පැ­දි­ය­කින් ආ හඳු­නන අයකු කීවා දුවයි පුතයි අන­තු­ර­කට ලක් වෙලා කියලා. මම ඔහු සම­ඟම කොබෙ­යි­ගනේ රෝහ­ලට ගියා. ඒ යන විට පාසල් නිල ඇඳුමෙන් ලෙයින් තෙත් වුණ මගේ දුව සහ ලේ ගලන තුවාල සහි­තව පුතා බට්ටා ලොරිය ඇතුළේ හිටියා. නික­වැ­ර­ටිය රෝහ­ලට රැගෙන යන ලෙස කොබෙ­යි­ගනේ රෝහ­ලෙන් කියා තිබූ නිසා අපි වහා එම ලොරි­යෙන්ම දුවයි පුතයි නික­වැ­ර­ටිය මූලික රෝහ­ලට රැගෙන ආවා. එහි හදිසි ප්‍රති­කාර ඒක­ක­යේදී වෛද්‍ය­ව­රුන් දුව බේරාගන්න ලොකු උත්සා­හ­යක් ගත්තා. පසුව දුව මිය­ගොස් ඇති බව කීවා. පුතාට මූලික ප්‍රති­කාර දී, පසුව වැඩි­දුර ප්‍රති­කාර සඳහා අංක 10 වාට්ටු­වට දැම්මා. "

අන­තු­රින් තුවාල ලබා, නික­වැ­ර­ටිය මූලික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින, මිය­ගිය දැරි­යගේ සහෝ­ද­රයා වන, කොබෙ­යි­ගනේ ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන නතීෂ ඉඳු­වර දිසා­නා­යක (16) යන අයද, අන­තු­රට ලක් වූ දරු­වන් දෙදෙනා තම ලොරි රථ­යෙන් රෝහ­ලට රැගෙන ආ අස­ල්වැ­සි­යා ද සාක්ෂි දුන්නේය. මිය­ගිය දැරි­යගේ සිරුර පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කළ නික­වැ­ර­ටිය රෝහල් අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ඒ.එම්.පී.පී.අබේ­කෝන් මහ­ත්මිය මෙය මොට පෘෂ්ඨ­යක් මත හිස ගැටී­මෙන් හිසට වූ බර­ප­තළ හානි හා බහු­විධ තුවාල හේතු­වෙන් සිදු වූ මර­ණ­යක් බවට සඳ­හන් කළේය. ලැබුණු සාක්ෂි හා වෛද්‍ය වාර්තාව සැල­කි­ල්ලට ගත් නික­වැ­ර­ටිය කොට්ඨා­සය භාර හදිසි මරණ පරී­ක්ෂක රංජිත් ධර්ම­සිරි මහ­තා ද එය සනාථ කළේය. කොබෙ­යි­ගනේ පොලි­සියේ රථ වාහන අංශ ස්ථානා­ධි­පති (උ.පො.ප) ආර්.එම්.එන්.ඩී.බී. රත්නා­යක මහතා සාක්ෂි මෙහෙ­ය­වීය.