WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බිට්රූට් කෑවට මෙච්චර ගුණයක් තියෙනවා කියලා හිතුවේ නැහැනේ

2024 August 27- Page Views : 4

ආහාරයට ගන්නා ගොඩක් කෑම බීමවල ගුණ අගුණ අපි දැනුවත් නැහැ.

නමුත් ආහාරයට ගන්නා දෙවල් අපිට හිතකරද අහිතකරද යන වග දැනුවත් වීම ගොඩක් වටිනවා.

මේ කතා කරන්න යන්නේ අපේ ආහාරයට ගන්නා එළවලු අතර නැතිවම බැරි බිට්රූට් හෙවත් රතු අල ගැනයි.

ඇතැම් අය එහි තිබෙන රතු පැහැ බව නිසා තරමක් අකැමැත්තෙන් ආහාරටයට ගත්තත් මනා ගුණාත්මක බවෙන් සපිරි එළවලුවකි.

මෙය හඳුන්වන විද්‍යාත්මක නාමය වන්නේ Beet vulgaris.

රතුඅල යුරෝපීය රටවලත්, දකුණු ආසියාවේ විවිධ රටවලත්, ශ්‍රී ලංකාවේත් බොහොම අපූරුවට වැවේන එළවලුවකි.

ලංකාවේ බොහෝ විට දැකගත හැක්කේ වැලිමඩ, බණ්ඩාරවෙල, නුවරඑළිය වැනි ප්‍රදේශවලයි.

ව්‍යාංඡනයක් ලෙස මෙන්ම උත්සව අවස්ථාවන්හිදී කෑම මේසය සුන්දර කිරීම සඳහාත්, එළවළු සලාදයකට රතුඅල නිසාත් ලැබෙන්නේ අපූරු පෙනුමක්..

මෙහි තියෙන ගුණාංග වන්නේ,

* උණ රෝගයෙන් පෙළෙන අයට * මලබද්ධය නිසා පීඩා විඳින්නන්ට * තුවාල සුව කිරීමට * අධි රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාව * හෘද රෝග වැළැක්වීමට * ශරීරයෙහි යම් විෂ කොටසක් ඇත්නම් රතුඅල ආහාරයට ගැනී මෙන් ඒ විෂ ද නැති වී යයි.

* ශරීරයේ ඇති ධමනිවල ප්‍රතිශක්තිය වැඩි කිරීමට රතුඅලවලට ඇත්තේ පුදුම හැකියාවකි.

* නීරක්තතාවයෙන් පෙළෙන අයට අපූරුය. * පිළිකා සෛල වැඩීම නැති කරනා රසායනික ද්‍රව්‍යයක් මේ එළවළුවෙහි අන්තර්ගත වීමය.

* අක්මාව ආරක්‍ෂා කිරීම නිසා ඔබට නිරෝගී සෞඛ්‍යයක් හිමිවේ. * වකුගඩු රෝගයන්ගෙන් ඔබව ආරක්‍ෂා කරයි.

* ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් කිරීම නිසා ඒ නිසා ඇතිවන ගැටලුවලින් පීඩා විඳීමට ඔබට සිදු නොවේ.

* අධික තරබාරු බව ඔබට කරදරයක් ද? එසේ නම් නොපමාව රතුඅල ආහාරයට ගන්න.

* ගර්භිණී සමයෙහි ආහාරයට ගැනීම සඳහා සුදුසු එළවලුවකි. * ප්‍රදාහ නාශක ගුණයක් රතුඅලවල ඇත.

* රුධිරය නිපදවීමේ ශක්තියක් තිබෙන නිසාම නිරතුරුව ඔබගේ ආහාර වේලට රතුඅල එකතු කර ගැනීම වඩාත් යහපත්ය.

* ආමාශයේ හා බඩවැල්වල ඇතිවිය හැකි තුවාල සුව කිරීමේ ඖෂධීය ගුණයක් මෙහි ඇත.

* හිස්කබලෙහි ඇතිවන හිස්හොරිවලට කදිම පිළිතුරකි.

* සෙංගමාලය රෝග තත්ත්වයෙන් ඔබව ආරක්‍ෂා කරයි.

* ආහාර විෂවීම නැතිකිරීම නිසා යහපත් සෞඛ්‍යයකට උරුමකම් කීමට ඔබට පුළුවන්.

* වමනයට ගුණදායක නිසා එවන් අවස්ථාවලදී රතුඅල කෑමට ඔබ බියවිය යුතු නොවේ.

* අතීසාරය රෝගයට වඩාත් ගුණදායකය.

* දෙපාවල නහර ගැටගැසීම වැළැක්වීමට ක්‍රියා කරයි.

* අස්ථි ශක්තිමත් කරයි.