කෑමවල රස, ගුණ, සුවඳ වැඩි කරන බිරියානි මල්.
2024 September 02- Page Views : 12 anise එහෙමත් නැත්නම් තරු අසමෝදගම්.
ඔයත් බිරියානි එක රස කරන මේ දේ ගැන අහලා ඇති.
බොහෝ ඉන්දියානු හා චීන ආහාරවලට අනිවාර්යයෙන් එකතු කරන කුළුබඩුවක් තමයි මේ star anise කියන්නේ.
බුරියානි, ගරම් මසාලා වගේ අපි හොදින්ම දන්න කෑම පිසින්න අත්‍යවශ්‍ය කුළුබඩුවක්.
මෙය Illicium verum කියන නමින් හදුන්වන පලතුර වියලූ පසු තමයි මේ මෙහි හැඩය මලක් තරුවකට සමාන නිසා මේ නමින් හදුන්වනවා.
පෙති 6/8 ත් අතර ප්‍රමාණය තියෙන මේ මලේ පොත්ථ හා මැද ඇට කොටස් සියල්ලම එකම රසක්.
ආහාරවලට රසය සුවද එක් කරන්න තමයි මේවා දාන්නේ ඉතාම සැර නමුත් පුංචි පැනි රසකුත් අඩංගු ( strong & sweet) මේවා නිකම් හපලා කන්න අපහසුයි, ඒ නිසා කලින් මම Bayleaf ගැන ලිපියේ සදහන් කලා වගේ සාමාන්‍යයෙන් කෑමක් පිස අවසන් වූ පසු මේවා ඉවත් කරනවා.
Strong flavour එකක් නිසා ඕනෑම කරියකට එකතු කරද්දි එක මලක් හෝ පෙති කිහිපයක් හොදටම ප්‍රමාණවත් ගොඩක් දැම්මොත් නම් කෑම කන්න අපහසුයි.
මේවා ප්‍රබේධ කිහිපයක් ලෝකේ විවිද රටවල තියෙනවා මේවා මල් විදියට හෝ කුඩු විදියට වෙලදපලේ මිලදී ගන්න පුළුවන් කඩෙන් මිලදී ගත් star anise සුලං හෝ හිරුඑලිය නොවදින ලෙස store කිරිමෙන් එහි රසය සුවද ආරක්ෂා කරගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් බොහෝ ඉංදියානු හා චීන නිවෙස්වලම වවන පැලයක් නිසා අමුවෙන් නෙලා ගෙන, මද පවනේ වියලෙන්නට හරිනවා හෝ ගහේම වේලෙන්නට හරිනවා ඉන්පස්සෙ තමයි කුලුබඩුවක් ලෙස පාවිච්චි කරන්නේ.
අන්තර්ජාලයෙ සදහන් තොරතුරු අනුව ආහාර රුචිය වටවන, විසබීජ නැති කරන, මස්පිඩු වේදනා අවම කරන ගුනයකුත්, රසය සුවදට අමතරව තියෙනවා.