කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
2024 September 25- Page Views : 228
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු 47 හැවිරිදි මුනම්පිඩ්ඩි පාලිආරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සන්තකයේ තිබූ කේරළ ගංජා 3kg 540g සිය භාරයට ගත් බවයි පොලීසිය පවසන්නේ.
මේ සම්බනධයෙන් වැඩිදුර විමර්ශන ඉලුප්පුකඩවායි පොලිසිය විසින් සිදු කරනු ලබනවා.