මිණිපුර අනවසර පතල් කැණීම් හේතුවෙන් විනාශවන ගොවිබිම්
2024 September 30- Page Views : 221
රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයේ බලපත්‍ර රහිතව කලු ගඟ අවට අනවසර පතල් ජාවාරම්කරුවන් විසින් පතල් කැණීම් සිදු කරන බවට ප්‍රදේශ වාසීන් විසින් පවසා සිටී.
මේවන විට මෙම ජාවාරම්කරුවන් අඩි 20කට වැඩි ප්‍රමාණයක් පොළව යට කැණීම් සිදු කර උමං මර්ග සාදා එමඟින් ලබා ගන්නා ලද පස් ගොඩ කිරීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ කුඹුරු අක්කර 20 පමණ සම්පුර්ණයක් විනාශයට පත් වී ඇති බවට ප්‍රදේශයේ ගොවි ජනතාව මැසිවිලි නගයි.
පුදේශවාසී ගොවීන් විසින් මෙම ගැටලුව සබැඳිව අවස්ථා කිහිපයකදීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණිලි කලද මෙතෙක් කිසිඳු විසඳුමක් නොලැබුණු බවට චෝදනා කරයි.
ජාවාරම්කරුවන් විසින් වගකිවයුතු බලධාරීන් වෙත ලාභයෙන් කොටසක් ලබා දී මෙම ජාවාරම් කටයුතු සිදු කරගෙන යන බවත්, මේ සම්බන්ධව කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී පුදේශයේ ගොවි සමිති සාමාජිකයින් විසින් දැඩි විරෝධතාවයක නිරත වන බවට පවසා සිටී.