ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර
2024 October 26- Page Views : 220
ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාර එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්න ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. ඉරාන ප්‍රහාරවලට එරෙහිව තමන්ට ප්‍රතිචාර දැක්වීමට අයිතියක් සහ යුතුකමක් ඇති බවත්, ආරක්‍ෂක සහ ප්‍රහාරාත්මක හැකියාවන් සම්පූර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති බවත් ඊශ්‍රායලය වැඩිදුරටත් පවසයි.