ජුලියා සොනාලි පිළිගනී
2024 November 04- Page Views : 219
දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී (Asian Model Festival) ආසියාවේ හොඳම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි ඊයේ(03)වන දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
ආසියානු නිරූපන ශිල්පි තරගාවලිය ඉකුත් 10/15 දින සිට 11/02 දින දක්වා දකුණු කොරියාවේ ගෑන්ග් වොන්ග් නුවර , ආසියාවේ රටවල් 27 ක නිරූපන ශිල්පීන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් , එරට සංස්කෘතික , ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වා තිබුණි .
ඇය පිළිගැනීම සඳහා ඇයගේ පුහුණුකරුවන් , උපදේශකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.