WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාරක රිය අනතුරකින් තරුණියක් මරුට

2024 November 05- Page Views : 220

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේ වම් මංතීරුවේ පිළිසකර කටයුත්තක් හේතුවෙන් බණ්ඩාරවෙල දෙස සිට පානදුර දෙසට ධාවනය වූ බස් රථයක් දකුණු මංතීරුවෙන් ධාවනය කර නැවත වම් මංතීරුවට ගැනීමේදී ත්‍රීරෝද රථයක ගැටී තිබෙනවා.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ තරුණියක් බරපතල තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මරණකාරිය වයස අවුරුදු 23ක් වූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා