ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්
2024 November 05- Page Views : 8 අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (05) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව, පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ලබන්නේ ජාඇළ, කටුනායක - සීදූව නගර සභා බලප්‍රදේශ වලට සහ කටාන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්රදේශවලටයි.
එමෙන්ම, ජාඇළ හා ගම්පහ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කොටසකට ද මෙම කාලයේ ජල සැපයුම අත්හිටුවනු ඇති.
මේ අතර, ප්‍රධාන නල මාර්ගයට ගලක් පෙරලීම හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුව බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
මේ වන විට අදාළ ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.