මරණයෙන් සති තුනකට පසු ඔහුගේ දේහය උපන් රටට..
2024 November 07- Page Views : 227
ආදරය කළ රසික රසිකාවියන් පිරිස අතිමහත් මේ කියන්න යන්නේ ලොවක් ආදරය කළ ගායන ශිල්පියෙක් වූ ඔහු ගැන කතාවක්.
One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වූ පසුගියදා මියගිය ලියම් පේන්ගේ දේහය ඔහුගේ උපන් රටවන එක්සත් රාජධානියට රැගෙන ඒම සඳහා අවසර ලබා දී තිබෙනවා.
ඔහුගේ දේහය ඔහුගේ පවුල වෙත ඊයේ (06) භාරදී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහු මීට සති තුනකට පමණ පෙර (ඔක්. 16) ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි පිහිටි හෝටලයක තුන්වන මහලෙන් වැටී මිය ගියා.
එසේ වැටීමේදී ඔහුට අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය සිදුවී මරණය සිදු වී ඇති බව මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
ඔහුගේ දේහය ආර්ජන්ටිනාවේ රඳවා තබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදු කර ඇති අතර, පරීක්ෂණ කටයුතුවලින් අනතුරුවයි මෙසේ පවුලේ සාමාජිකයින් වෙත දේහය ලබා දී ඇත්තේ.