WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශාරුක්ට ආ තර්ජනාත්මක ඇමතුම ගැන කරුණු රැසක් එළියට...

2024 November 09- Page Views : 30

ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා දුරකථන ඇමතුමකින් මරණීය තර්ජන එල්ල වී තිබුණා.

එහිදී ඇමතුම ලබාගත් පුද්ගලයා සඳහන් කර ඇත්තේ, ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් තමන්ට අවශ්‍ය බවත් අදාල මුදල නොගෙවන්නේ නම් මාරක ප්‍රතිවිපාකයකය මුහුණ දීමට සිදුවන බවයි.

මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිද්ධියට අදාල දුරකථනයේ හිමිකරුවා සොයාගෙන ඇති බවයි.

ඔහු රායිපූර්හි නීතිඥයෙකු බවයි එරට පොලිසිය සඳහන් කර ඇත්තේ.

අදාල නීතීඥයා පොලිසියට සඳහන් කර ඇත්තේ එම දුරකථනය, මරණ තර්ජනය එල්ල කිරීමට දින 03කට පෙර තමා අතින් අස්ථානගත වූ බවත් ඒ පිළිබඳව තමන් පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති බවයි.

කෙසේනමුත් මෙම නීතීඥවරයා මීට පෙර ශාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙබසකට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළ පුද්ගලයෙකු බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මේවන විට ඉන්දීය පොලිසිය අංශ රැසක් ඔස්සේ පරීක්ෂණ කටයුතු අරඹා ඇති අතර, මෙම දුරකථනය සොරකම් කරන ලද්දක් ද, හිතාමතා භාවිත කිරීමක් ද නැතහොත් විශාල කුමන්ත්‍රණයක කොටසක් ද යන්න පිළිබඳව අවධානය යොමු කර ඇති බවද ඉන්දීය මාධවල සඳහන්.