WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉතා දුර්ලභ ගණයේ ලොව විශාලතම මැණික් ගල් දෙක ලංකාවේ

2024 December 09- Page Views : 30

ලාංකිකයෙකු සතු දුර්ලභ වර්ගයේ මැණික් ගල් දෙකක් ගිනස් වාර්තා පොත් අතරට පසුගියදා එක් වුණා.

ඒ, දැනට ලෝකයෙන් හමු වූ විශාලතම මැණික් ගල් විශේෂ දෙකක් ලෙසින්.

ශ්‍රී ලාංකිකයෙකුට අයත් මෙම විශේෂ මැණික් ගල් දෙක සඳහා පසුගියදා ගිනස්වාර්තා සහතික පත්‍ර නිකුත් කර ඇත්තේ ලෝකයේ ඇති විශාලතම බ්ලැක් ස්ටාර් සෆායා සහ ග්‍රීන් බ්‍රෙරි කැට්ස් අයි නමැති මැණික් ගල් දෙක සඳහායි.

එය මේ වනවිට ලෝකයෙන් හමු වූ එම වර්ගයේ විශාලතම හා දීප්තිමත්ම මැණික්ගල් දෙක වන අතර එම ගල් දෙකේම හිමිකරු ශ්‍රී ලාංකිකයෙකු වීම විශේෂත්වයක්.

ඒ අනුව බ්ලැක් ස්ටාර් සෆායා මැණික කැරට් 3,621.35ක බරින් යුක්ත වන අතර කැට්ස් අයි ග්‍රීන් බ්‍රෙරි මැණික කැරට් 854.95ක බරකින් යුක්තයි.