අහිතකර තත්ත්වයක්... මේ ප්‍රදේශ වල ඉන්න ඔබත් සැලකිලිමත් වන්න...
2024 December 09- Page Views : 30 දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 90ත් 180ත් අතර අගයක පැවතිය හැකි බවයි.
යාපනය හා පොළොන්නරුව නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවද සදහන්.
දැනට පවතින තත්ත්වය අනුව, නුවරඑළිය, කලුතර හා හම්බන්තොට යන නගරවල පමණක් එය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.