WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වතුකරයේ ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුමක්.. ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

2024 December 11- Page Views : 31

කියන්න යන්නේ කාලයක් තිස්සේ නොවිසඳුන ගැටලුවක් ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ඒ වතුකරයේ නිවාස සම්බන්ධවයි.

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වෙනවා වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවට ගණන් බලා ඇති අතර, පර්චස් 7 බැගින් වෙන් කර ඒ සඳහා තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන් කිරීමට සිදුවනු ඇතියි.

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ, ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව මහල් 6කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත්, ඉන්දීය ආධාර මත ඉදි කෙරෙන නිවාස 10,000 වැඩ අවසන් කළ තවත් නිවාස 990ක් ජනතාව වෙත භාර දීමට සැලසුම් කර ඇති බව ද ඔහු පවසා තිබුණා.