ඇය ටික් ටොක් නිසා ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණ තරුණියක්.. සුරූපී ඇයට පෙම්වතාගේ හැරයාම දරාගන්න බැරි වෙන්න ඇති.. නිවැසියන්ගේ ඇස් මානයේදීම රුදුරු ඉරණමක් අත්කරගත් පියුමි..
2024 December 18- Page Views : 31 පණටත් වඩා ආදරය කරන්න ඇති ඒත් ජීවිතය ගැන හරි හැටි අවබෝධයක් නැතිනිසාද කොහේදෝ ඇය මේ වගේ තීරණයක් ගන්න පෙළඹිලා.
මේ කියන්න යන්නේ මුන්දලින් ඇසෙන තවත් එක් අනුවේදනීය කතාවක්.
තම පෙම්වතා වෙනත් සබඳතාවක් පවත්වාගෙන යන බවට සැක සිතී සුරූපී තරුණියක් මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේදී ඊයේ දුම්රියට ගෙල තබා දිවි නසාගෙන ඇතැයි මුන්දලම පොලීසිය පවසනවා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මුන්දලම නුග සෙවණ ගමේ පදිංචිව සිටි ආර්.ඒ.පියුමි මල්ශානී නැමති 20 හැවිරිදි පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි තරුණියක්.
මාරවිල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිට ඇති තරුණිය එම ඇඟලුම් ආයතනයේම සේවය කරන තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම තරුණයා ද තරුණියගේ නිවසටද පැමිණ ඇති බව පවසනවා.
දෙදෙනා අතර නිරන්තරයෙන් දුරකතන ඇමතුම්වලදී බහින් බස්වීම් සිදුවන බවත් ඇගේ මව පොලිසියට ප්‍රකාශ ලබා දී ඇති අතර, එසේ තිබියදී මේ තරුණිය දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවසේ සිට ගමන් කරමින් සිටියදී මව ඒ පිළිබඳව විමසා ඇති බව පවසනවා.
මුහුණ සෝදාගෙන එන්නම් අම්මා කියා ගිය තරුණිය ගැන සැක නොසිතූ මව ඇය නිවසට පැමිණීම ප්‍රමාදවීම නිසා නැවත පැමිණ විපරම් කර බලා ඇති අතර ඇය නොමැතිවීමෙන් දුම්රිය මාර්ගය දෙස බලන්නට ඔවුන් ගොස් තිබුණා එහිදී ඇය ඒ වන විටත් ඈතින් දුම්රිය දෙසට දිව යන අයුරු මව දැක තිබෙනවා එහිදී මව එම දුම්රිය මඟින් ඉවත් වන ලෙස මහ හඩින් කෑගසමින් දිව ගොස් ඇතත්, ඒ වන විටත් ඇය එක්වරම දුම්රිය මාර්ගයේ දිගා වී ඇති බව වාර්තා වෙන්නේ.
දුම්රියේ ගැටීමත් සමඟ මේ තරුණියගේ සිරුර කැබලි ලෙස වෙන් වී විසි වී ගොස් ඇති අතර පසුව දුම්රිය රියැදුරු දුම්රිය නවතා සිරුර මදුරන්කුලිය දුම්රිය ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබුණු අතර පසුව සිරුර පුත්තලම මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබුණා.
සුරූපි මේ තරුණිය ටික් ටොක්වල ජනප්‍රිය වී ඇති අතර විශාල පිරිසක් ඇගේ ටික් ටොක් ගිණුමේ සිටින බව්රුය්ණි ව්ගේාර්තා වෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණා මුන්දලම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන්ගේ උපදෙස් මත පොලිස් සැරයන් (38085) අමරසිංහ අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්ව තිබුණා.