WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එක් වෙළඳ දැන්වීමකට මේ තරම් මුදලක්.. අදහාගන්නත් බැරි මිලක් නියම කළ ඒ සුපිරි තරුව කවුද..?

2024 December 19- Page Views : 32

කියන්න බොහෝ කතා තියනවා ලොවක් ආදරය කරන මේ සුරූපිනිය ගැන ඇසෙන්නේ ටිකක් වෙනස් කතාවක්

සමහරවිට මේ කතාව ඇසුවාම ඔබ පුදුමයට පත්වේවි.. තත්ත්පර 50 ක වෙළඳ දැන්වීමකට කෝටි 05 ක් අයකළ ඇය ගැනයි මේ කියන්න යන්නේ.

කවුද මේ සුපිරි තරුව, ආලියා භාත්, ජාන්වී කපූර්, සමන්තා ප්‍රභූ, කරීනා කපූර් මේ අතරින් කෙනෙක්ද? නැත්නම් ඓශ්වර්යා, දීපිකාද? එහෙනම් කා ගැනද මේ ආරංචිය ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

ඒ වෙන කවුරුත් නෙවෙයි, 'ලේඩි සුපර් ස්ටාර්' ලෙස කවුරුත් අතර ජනප්‍රිය නයන්තාරා දකුණු ඉන්දියාවේ අසීමිත ජනප්‍රියත්වයක් උසුලන මේ තරුව, තත්පර 50ක දැන්වීමක් සඳහා පමණක් රුපියල් කෝටි 5ක අතිවිශාල මුදලක් අය කරන බවයි දැනගන්න ලැබෙන්නේ.

ඒ Tata Sky සමාගමේ දැන්වීමක් සඳහායි මාධ්‍ය වාර්තාවලට අනුව නයන්තාරා මේ වනවිට ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නිළිය වන්නේ ඇයයි ඇය චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 11ක්.

කෙසේ වෙතත්, මේ සමාගම ඇගේ මුදලට එකඟවීමම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු පුවතක් වුණා.