ලංකාවට ආඩම්බරයක් වුණු ආසියාවේ කළු වෙළඹ රට හැරයයි..
2025 January 03- Page Views : 31 අදටත් බොහෝ දෙනා කතා කරනවා ඒ 2000 පැවති ඔලිම්පික් උළෙලේදී ඇය ලබාගත් ජයග්‍රහණය නිසා කිව්වොත් හරියටම හරි.
ඒත් එදා රටට ආඩම්බරයක් වුණ ඇය ගැන අද ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්.
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සිය දරුවන් දෙදෙනා සමඟ ඔස්ට්‍රෙලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සූදානම් බව වාර්තා වනවා.
මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති ඇය, යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බව වාර්තා වන අතර ඇයගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ අනාගතයට මුල්තැන දීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණ බවයි පැවසෙන්නේ.
සුසන්තිකාගේ සමකාලීන මලල ක්‍රීඩිකාව, ආසියානු පදක්කම්ලාභී සහ ඔලිම්පික් ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද මීට වසර කිහිපයකට පෙර සිය පවුල සමඟ ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වුණා.
මේ වන විට 49 හැවිරිදි වියේ පසුවන සුසන්තිකා ජයසිංහ 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර, ඩන්කන් වයිට්ගෙන් පසු ඔලිම්පික් පදක්කමක් දිනූ දෙවන ශ්‍රී ලාංකිකයා සහ ස්ප්‍රින්ට් ඉසව්වකින් ඔලිම්පික් හෝ ලෝක ශූරතා පදක්කමක් දිනූ පළමු ආසියානු කාන්තාවයි.
ඇය කෙටි දුර ධාවන ඉසව්වලින් ඔලිම්පික් පදක්කමකට හිමිකම් කී එකම ආසියානු ක්‍රීඩිකාව වන අතර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කමක් දිනූ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා ද වනවා.
සුසන්තිකා 1996, 2000 සහ 2008 දී අවස්ථා තුනකදී ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර ඇයව හැඳින් වූයේ ආසියාවේ කළු වෙළෙඹ යන ආදරණීය නාමයෙන්.