කොළඹ මැණික් පොළ , කෝටි 100ක මැණික් විකිණූ හැටි
2025 January 06- Page Views : 33 මැණික් ව්‍යාපාරිකයින් හා ගැනුම්කරුවන් වෙනුවෙන් මැණික් වෙළෙඳපොළක් කොළඹදී පැවැත්වුණා මේ කියන්න හදන්නේ ඒ ගැනයි.
ගනුදෙනුකරුවන් 2000කට වැඩි සංඛ්‍යාවක් මෙම වෙළෙඳපොළට සම්බන්ධ වූ අතර රුපියල් කෝටි 100කට වැඩි මැණික් ගනුදෙනු මෙහිදී සිදුවූ බවයි සංවිධායකවරුන් පැවසුවේ.
මැණික් පොළ සංකල්පය නවීකරණය කරමින් මෙරට පොළොවෙන් හමු වූ විවිධ වටිනාකම් සහිත මැණික් ගනුදෙනු කිරීමට ඉඩ ලබාදීමේ නවමු අවස්ථාවක් මැණික් ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන පිරිසට අද උදාවුණා.
ඒ, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදීයී.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරිකයින් රැගෙන ආ මැණික්වලින් මෙම වෙළෙඳපොළ අලංකාරවත් වුණා.
මූල්‍යමය වටිනාකම් පමණක් නොව විද්‍යාත්මක වටිනාකාම් ද සහිත දුර්ලභ පාෂාණ ද මෙම එකතුවට ඇතුළත්.
අධික විකිරණශීලීත්වයක් ගැබ්ව ඇති මෙම ඒකනයිට් පාෂාණය පරමාණුක පර්යේෂණවලටත් යොදාගැනීම විශේෂත්වයක්.
මැණික් සහ තවත් පාෂාණ වර්ගවලට අමතරව මැණික් කර්මාන්තයට භාවිත කරන යන්ත්‍ර සහ උපකරණ අලෙවියත් මෙහිදී සිදුවුණා.
එහිදී වැඩිම මිලකට අලෙවි වී තිබුණේ කැරට් 20ක රෝයල් බ්ලූ සෆායා මැණිකක්.
එහි වටිනාකම රුපියල් කෝටි 2.5ක් ලෙස දැක්වුණා.