WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුකුළු මස් සහ බිත්තර මිලට වුණ දෙයක්... දැනෙන වෙනස මෙන්න...

2025 January 21- Page Views : 226

ජනතාවට ප්‍රමාණවත් පරිදි ආදායම් තත්ත්වයක් නොමැතිවීම හේතුවෙන් දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 100 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පවසනවා.

සාමාන්‍යයෙන් දිනකට කුකුළු මස් මෙට්‍රික් ටොන් 600ක් අලෙවි කෙරුණද, මේ වන විට දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 500ක් දක්වා අඩුවී ඇති බවයි ඔහු පවසන්නේ

කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමග ශීත කළ කුකුළු මස් කිලෝවක මිල (සම සහිත) රුපියල් 800ක් දක්වා පහත වැටී තිබෙනවා.

බිත්තරයක මිලද මේ දිනවල රුපියල් 30ත් 33ත් අතර මිලක් දක්වා අඩුවී ඇති බවයි ඔහු පවසන්නේ