කලුතර පාසලක දරුවන්ට දුන් උදේ ආහාර වෙිලේ පණුවන් ඉදලා
2025 March 04- Page Views : 1187
කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දරුවන් ඊයේ (03) ආහාරය ලබාගැනීමට සූදානම් වීමේදී එක් දරුවෙකු පනුවන් දැක ආහාර බෙදාදීම සදහා නම්කර සිටී මවකට දැනුම් දීමෙන් පසු පංති භාර ගුරුතුමිය දැනුවත් කර විදුහල්පති වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දෙමාපියන් පවසති.
දරුවන් ඒ අනුව මාළු කෑලි බත් පාර්සල් වලින් ඉවත්කර අනෙක් එළවලු සමග බත් ආහාරයට ගෙන ඇති බවද වාර්තාවේ. මේ අනුව ආහාර සැපයුම් කරුගේ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයිද සදහන් වේ. අද සෞඛ්‍ය අංශ පාසලට ගොස් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය.