WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමකින් තරුණයෙකුට තුවාල

2025 March 04- Page Views : 1187

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ (03) සවස සිදුවූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ තිරුනිට්රුකේනි, ආරයම්පති හි පදිංචි 23 හැවිරිදි වර්ධරාජන් ය.

තුවාලකරුව ආරයම්පති රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

තරුණයන් සිව්දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ වස්තුව විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවී තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පොලීසිය සහ හමුදා නිලධාරීන් පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.