දිවුලපිටියට මත්කුඩු බෙදූ තරුණියක් කොටුවෙයි
2025 March 09- Page Views : 1187
දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පරීක්ෂා කිරීමේදි ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ද ගෙන ඇත.
ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇති බවත් ප්‍රදේශ කිහිපයකට මත්කුඩු අලෙවි කර ඇති බවත්ය.
ඇය සතුව තිබී පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික බවත් පොලීසිය පවසයි.
ඇය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට ද නියෝග කර තිබේ.