WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුපියල් මිලියන 175ක මත්ද්‍රව්‍ය සමඟ කැනේඩියානු කාන්තාවක් අත්අඩංගුවට

2025 March 10- Page Views : 1187

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා " හෂීෂ් '' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහවා ගෙන පැමිණි විදේශීය තරුණියක්  කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 ඇය 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ද මෙය වේ .

 ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවරට පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03 ක ඔතා , මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17 යි ග්‍රෑම් 573 ක ප්‍රමාණය සගවා ගෙන තිබියදී , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .