ලෝක ප්‍රසිද්ධ ගායක Aloe Blacc දිවයිනට
2025 March 10- Page Views : 1187
ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර අමෙරිකාවේ ''ග්‍රැමී" සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුළින්ම සිටින්නෙකි.
ජනාධිපති, විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කිරිමට මෙලෙස ලංකාවට පැමිණ තිබුණි.
ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් පිළිගනු ලැබීය.