අපිරිසිදු පොල්තෙල් ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි
2025 March 10- Page Views : 1187
භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620 ක් සැකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අරණගලංවිල කඳවුර කියයි.
ගුවන් හමුදා බුද්ධි තොරතුර ලැබිමෙන් පසුව අරණගංවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපති ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග මෙම වැටලිම කර තිබේ.
ඒ අනුව කොළඹ සිට පොලොන්නරුව දක්වා ලොරියක ප්‍රවාහනය කරමින් තිබු භාවිතයට නුසුදුසු පොල්තෙල් සමග පැමිණි ලොරිය මින්නේරිය ප්‍ර දේශයේදි පරීක්ෂා කිරීමේදි අපිරිසිදු පොල්තෙල් තිබු බැරල් 35 ක් හාල්කුඩු වලින් දැමු ගොනි වලින් වසා ගෙන තිබියෙදි හමුවි තිබේ.
ලොරි රථය , පොල්තෙල් සහ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. එම පොල්තෙල් පොලොන්නරුව ප්‍රෙද්ශයේ වි කුඩු වලින් සත්ව තෙල් නිෂ්පාදනය කරන ආයතනයකට ගෙනයන බව ඔවුන් පවසා තිබේ.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානය පරීක්ෂා කිරිමේදි තවත් අපිරිසිදු පොල්තෙල් බැරල් 35 ක් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.