ඉෂාරා ගැන බොරු ඔත්තු දුන් පෙදරේරුවකු රිමාන්ඩ්
2025 March 10- Page Views : 1187
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොලකාරි යැයි කියන ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරුවෙකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10)නියෝග කළේය.
බරපතල අපරාධයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩාකප්පල් කර පොලිසිය නොමග යැවීම සඳහා කටයුතු කිරීමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.