රිලවුන් පොල්ගෙඩි මිලියන 100කට හානි කරයි
2025 March 11- Page Views : 1187
රිලවුන් ඇතුළු විවිධ සතුන් පසුගිය වසරේ අපේක්ෂිත පොල් අස්වැන්නෙන් ගෙඩි මිලියන 100කට පමණ හානි කළ බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ ඊයේ (10) කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එමෙන්ම සත්ත්ව සංගණනය සඳහා වියදම් වී ඇති බවට පළවන වියදම් වාර්තා සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
මෙම කාර්යය සඳහා අවම වැයවීමක් යටතේ කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවා.
රිලවුන්, වඳුරන්, දඬු ලේනුන් සහ මොණරුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන්, මේ මස 15 වැනිදා සත්ව සංගණනයක් සිදු කිරීමට නියමිතයි.
සත්ව හානිය පිළිබඳව තොරතුරු වාර්තා වුවද ඒ සඳහා මේ දක්වා නිවැරදි තක්සේරුවක් නොකිරීම මත මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.