පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2025 March 12- Page Views : 1187
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන්ට සිය ඡන්ද බල ප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
නාම යෝජනා දැන්වීම් පල කළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි අනිද්දා පෙරවරු 8.30ට පෙර ඊට අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.