WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෛද්‍යවරියට හදි කළ නරුමයාගේ පැටිකිරිය

2025 March 12- Page Views : 1187

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළදී අපයෝජනය කළැයි කියන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. නිලන්ත  හෙවත් බන්ටි  යන නමින් පෙනී සිටියකු බව ද  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන්  බන්ධනාගාරගතව සිට සිද්ධියට පෙර දින එළියට පැමිණ ඇති බවත් කළක් සැකකරු සිවුරක් දරා  සිට ඇති බවත් පොලිසිය පවසයි.

යුද හමුදා සේවයෙන් පළා ගිය පුද්ගලයකු යැයි කියන අදාළ සැකකරු වෛද්‍යවරිය අපයෝජනය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරියගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් ගොස් තිබිණි. එසේ පැහැරගත් දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර එම සංඥා අනුව යමින් ගල්නෑව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.

අවුකන දුම්රියපොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම මොවුනට සැකකරු මෙම ප්‍රදේශයේ සැඟවී ඇතැයි සැකසිතීමට මූලික හේතුවෙන් පොලීසිය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

ඒ අනුව යමින් සැකකරු ගල්නෑව, හෙළබොදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වීමට   පුහුණු වන ඇය පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී අවසන් කර නිල නිවසට යද්දී මෙම අපරාධයට මුහුණ දුන්නාය.

සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇත.