WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට

2025 March 14- Page Views : 1187

ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අද (14) අත්අඩංගුවට තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි.

ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙනවිත් මොහුට ලබා දී තිබෙනවා.

කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබීමෙන් ගිය පසුවයි මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඒ අනුවයි මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.