WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි

2025 April 16- Page Views : 16

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයත් සමග චීන විදේශ කටයුතු අමාත්‍යාංශයද ඊට පිළිතුරු ලබාදුන් අතර වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව සමග සටන් කිරීමට චීනය කිසිසේත් බිය නොවන බව පැවැසුවේය.

ඇමෙරිකාවට සංවාදයක් ඔස්සේ මෙම ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය නම් මෙවැනි ක්‍රියා සිදු නොකර සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

එසේම ඇමෙරිකාව චීනයට පනවා ඇති තීරු බදු ප්‍රතිශත පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

එයට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ චීනයට එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය නම් පළමුව සාකච්ඡා මේසයට පැමිණිය යුත්තේ චීනය බවයි.