රු. මිලියන 240කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට
2025 April 20- Page Views : 13රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (20) උදෑසන දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණි මොහු 59 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක මත්ද්‍රව්‍ය තොගය කුඩා කාඩ්පත් ලෙස සකසා ගමන් මලු 07 ක් තුළ අසුරා මෙරටට රැගෙන විත් තිබූ බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ.