ජීවිතයක් රේල්ලුවට බිලි.. ප්‍රදේශයක් සලිත කළ මාරක අනතුරක් ගැන ඇසෙන කතාව මෙන්න..
2025 May 02- Page Views : 82
කියන්න යන්නේ හදිසි අනතුරක් නිසා තවත් ජීවිතයක් අහිමි වුණු සෝචනීය පුවතක් ඒ පුවත ඇසෙන්නේ අහංගම ප්‍රදේශයෙන්.
අහංගම ගොවියාපාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටී අද පෙරවරුවේ සිදුවූ අනතුරින් එක් අයකු මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
බෙලිඅත්ත සිට අනුරාධපුරය සහ වවුනියාව බලා ධාවනය වූ රජරට රැජිණ සිඝ්‍රගාමි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ 62 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා.