WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආදරණීය බැඳීම ගැන දස වසරකට පසු ඇය කී ආදරණීය කතාව මෙන්න..

2025 May 21- Page Views : 32

ආදරණීය හමුවීමක් ඒ හමුවීමත් එක්ක අද එයාලාගේ ජීවිත ගොඩක් වෙනස් වෙලා.

ඉෂාරා සඳමිණි, ලංකාවේ කවුරුත් ඉෂාරාගේ පුංචි කැදැල්ලට ගොඩක් ආදරය කරනවා.. ඉෂාරා - අනුර වගේම පුංචි ඉසස්‍යා නොදන්නේ කවුද..? දැන් නම් ඒ පුංචි පවුලට අලුත් සාමාජිකාවක් එකතු වෙලා නේ. කොහොම වුණත් මේ කියන්න යන්නේ ඊට වඩා ලස්සන කතාවක්.. එයාලාගේ විවාහ ජීවිතයට අද විශේෂ දවසක්.. ඒ වෙනුවෙන් ඉෂාරා ගොඩක් ආදරණීය සටහනක් ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

"කාලයත් එක්ක කොච්චර දේවල් වෙනස්වෙනවද.? කාලය කොච්චර දේවල් වෙනස් කරනවද.?

අද දවස හරියටම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා අපි දෙන්නාගේ ජීවිතේ විශේෂ ම දවසක්.

2015 . 05. 21 ඉතින් එදා තමයි ඔයයි මමයි මේ ජීවිත ගමන පටන් ගත්තේ.එදා ඉදන් අද වෙනකල් ජීවිතේ නැගීම් බැහීම් මේ හැමදේටම අපි දෙන්නට මුහුණ දෙන්න ලැබුණා.

එදා අපි දෙන්නා තනියම පටන් ගත්ත මේ ගමනට අද වෙනකොට චූටි පැන්චියෝ දෙන්නෙකුත් එකතු වෙලා.

ඉතින් අදත් මට ඔයාට කියන්න තියෙන්නෙ එදා කිව්ව දේමයි. මං ආදරෙයි ගොඩාක් හැබැයි එදාටත් වඩා.

හැමදාටම මාව ආදරෙන් බලාගත්තට, මාව හැමදාමත් ආදරෙන් දරාගත්තට. කියන්න දේවල් ගොඩාක් තිබුනත් අන්තිමටත් කියන්න තියෙන්නෙත් බැදලා අවුරුදු 10ක් ගියාට තාම මේ පටන් ගත්තා විතරයි.ජීවිතේ ඉතුරු ටිකත් හැමදාම ඔහොම්ම මගේ ළඟින්ම ඉන්න.

ආදරෙයි ගොඩාක්."