WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නිරෝගී ජීවිතකට අපේ තුනපහ ගුලිය හෙළ ආහාර රටාවේ විශ්මයක් ... හදන හැටි මෙන්න...

2025 June 02- Page Views : 31

පැරැණි අය සතුව තිබු දැනුම පුදුම හිතෙනවා.

නීරෝගි දිවිපෙවෙතකට ආහාර රටාවේ ඇති වැදගත්කම එයාලා දැනගෙන හිටියා... ඉතිං අද මේ කියලා දෙන්න හදන තුන පහ මාත්තුව අපේ හෙළ ඉවුම් පිහුම් රටාවේ තිබෙන දෙයක්.

මේ කියන්න යන විශේෂිත තුනපහ මාත්තුව හදා ගන්න හරි ලේසියි හැබැයි ගුණ ....ඒක කියලා නිම කරන්න බෑ .

අපේ ගොඩක් දෙනෙක් මස් මාංශ ආහාරයට ගැනීමේදී ශරීරගත කර ගන්නේ තෙල් මිරිස් හා කෘතිම රස කාරක ,මේ කියන විදිහට ඔයාම උයලා බලන්න . ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ අඩුගානේ පොල් කිරිවත් ඕනෙ වෙන්නෙ නෑ . හැබැයි ඉතින් මේකට මිරිස් ගලක් නම් ඕනෙ එතකොට රසේ හොඳයි .

අවශ්‍ය ද්‍රව්‍ය

ගොරකා කැබැලි තුනක්

සුදු ළූණු බික් හතරක්

කරාබු නැටි තුනක්

එනසාල් ඇට දෙකක්

ලුණු මේස හැන්දක්

ගම්මිරිස් ඇට මේස හැඳි දෙකක්

මිරිස් කුඩු මේස හැන්දක්

සාමාන්‍ය අමු තුනපහ මේස හැන්දක්

කුරුඳු පොතු ස්වල්පයක්

කරපිංචා මිටක්

වෙළා ගන්නා ලද මුරුංගා කොළ මේස හැන්දක්

හදන පිලිවෙල

පළමුව ගොරකා කැබලි සියුම්ව කපා ගන්න ගොරකා කැබලි සමග ලුණු දමා හොඳින් අඹරා ගන්න ඉන්පසු විටෙන් විට පිළිවෙලට සුදුලූනු කරපිංචා කුරුඳු එනසාල් කරාබු නැටි මිරිස් කුඩු තුන පහ කුඩු මුරුන්ගා කොල වතුර ඉසිමින් අඹරා ගන්න... ගුලියක් ආකාරයට මෙය සාදා ගන්න .

දැන් ඉතින් හදාගෙන ඉවරයි මස් මාළු ඕනම දේකට මෙය සහ වතුර පමණක් මිශ්‍ර කරමින් හින්දලා උයන්න මිරිසට, ඇබුලට ඕනෑම විදිහකින් උයන්න .මතක තියාගන්න තෙල් දාන්න ඕන්නෑ කිරි ඕන්නෑ ‍රසකාරක ඕනෙනෑ.

බඩේ ආම්ලිකතාවයට හෘද රෝගීන්ට කොලෙස්ට්‍රෝල් පිළිකා මේ ඕනෙ දේකට මේක හොඳයි .

උපුටාගැනිමක්..