"මට තුන්වැනි අම්මා වෙලා අද මගේ ලොකු දුව...." ආදරණීය ඇය වෙනුවෙන් චන්දන ලියූ ඒ සටහන මෙන්න..
2025 June 19- Page Views : 1187
ආදරණීය දියණියක්.. මේ වගේ දියණියක් ලබන්න ඔහු මොන තරම් නම් වාසනාවන්තද..?
අපේ රටේ ප්‍රවීණ නර්තන ආචාර්‍ය චන්දන වික්‍රමසිංහ මීට දින කිහිපයකට කලින් ඔහුගේ මුහුණු පොතට එක්කළ ඒ විශේෂ සටහන ගැනයි මේ කියන්න යන්නේ.. ඔහුගේ ආදරණීය දියණිය දෙවංගි වික්‍රමසිංහ, ඇගේ උපන්දිනය මීට ටික දවසකට කලින් යෙදිලා තිබුණා.. පියෙකු විදිහට ඔහුගේ ජීවිතය වෙනස් කරන්න දෙවංගිට පුළුවන් වෙලා.. මෙන්න බලන්නකෝ ඇය වෙනුවෙන් චන්දන එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න..
"අවූරුදු විසිපහක් මට දුන් ආදරයට
කරුනාවට.....
මගේ පනට..
බොහෝම ස්තූති...
අම්මවත් මල්ලිලා දෙන්නත් බලාගෙන මාවත් දුර සිටියත්
රැකගෙන...
ආච්චිට.... අම්මට .....පස්සේ මට තුන්වැනි අම්මා වේලා අද මගේ ලොකු දුව......
මගේ දිව්‍ය අංග ඇත්තී..."