ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි
2025 June 24- Page Views : 1187
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත.
එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය.
මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සදහන්ය.
සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය "දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය" යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඊශ්‍රායලයෙන් හෝ ඉරානයෙන් මේ පිළිබඳව තවමත් අදහස් දැක්වීමක් සිදුකර නොමැත.