WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොළඹ මධ්‍යම බස් පොළ අලුත් වෙයි

2025 June 24- Page Views : 1187

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට යටතේ  කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ  වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතය.

මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ  වැඩපිළිවෙළ යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරයද නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.

හෙක්ටයාර් 1.42ක භූමි ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පළ 1964 වසරේදී ආරම්භ කර ඇති අතර, දෛනිකව බස් රථ 1500 – 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදු කෙරේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහත්වරු,ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.