තුෂාර උපුල්දෙණියගෙ නඩුව කැඳවීම අද දහවල්
2025 June 25- Page Views : 1187
ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන්ට නිදහස ලබා දුන්නේ යැයි කියන බන්ධනාගාරගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ට එරෙහි පැමිණිල්ල අද (25) දහවල් කැඳවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය දන්වා සිටියාය.
වැඩ තහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාරය නිලධාරීන්විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිලි විභාගය මෙසේ පසුවට කල් තැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දක්වමින්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අද උදෑසන පාර්ලිමේන්තුවේ පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් සහභාගී වන බැවින් විමර්ශන විභාගය පසුවට කල් තබන ලෙසට ඉල්ලා සිටියේය.