දොඩම්වත්තේ චූටි නංගි" අත්අඩංගුවට
2025 June 25- Page Views : 1187
කලක සිට මහියංගණ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට පැවසෙන මහියංගණ ගෙවල් 20 දොඩම්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක් සහ ඇයගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ඊයේ (24) මහියංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහියංගණ පොලිසියේ පොලිස් පරික්ෂකවරයාට ලද තොරතුරකට අනුව සිදු කල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.4ක්, ජංගම දුරකථන 11ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 119000/=ක මුදලක් සමගයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ "දොඩම්වත්තේ චූටි නංගි " නමින් හැඳින්වෙන කාන්තාවක්වන අතර, අත්අඩංගුවට ගත් අනෙත් සැකකරුවන් දෙදෙනා වන්නේ ඇයගේ පියා සහ මස්සිනායි.
අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තැනැත්තියක්.