WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙරීෂා ෆොන්සේකා එයාර්බස් සමාගමේ ඇගයීමට

2025 June 26- Page Views : 1188

ඇමෙරිකාවේ එයාර්බස් සමාගම, විචිටා පිහිටි ඔවුන්ගේ ඉන්ජිනේරු අංශයට සම්බන්ධ ඉන්ජිනේරුවරියන් ඇගයීමට ලක් කර ඇති අතර එම පිරිස අතරේ, ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරියක ද සිටී. ඇය මෙරීෂා ෆොන්සේකාය.

එයාර්බස් සමාගම මෙරීෂා ෆොන්සේකා ඇතුළු එම සමාගම සමඟ එක් වී සිටින සෙසු ඉන්ජිනේරුවරියන් ඇගයීමට ලක් කනර ඇත්තේ, ඔවුන්ගේ නිල වෙබ් අඩවිය ඔස්සේය.

එයාර්බස් සමාගමේ, විචිටා පිහිටි ඉන්ජිනේරු අංශයට සම්බන්ධ ඉන්ජිනේරු කාර්ය මණ්ඩලයෙන් සියයට 15 ක් කාන්තාවන් වීම විශේෂත්වයකි.

මෙරීෂා, සමාගම සමඟ එක් වී ඇත්තේ, විචිටා විශ්ව විද්‍යාලයෙන්  යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන අතරතුර සීමාවාසික පුහුණුලාභිනියක් ලෙසය.

2023 දී ඇය සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු නිල වශයෙන් එයාර්බස් සමාගම එා එක් වූ බව පැවැසෙයි.