WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බදුලු දුම්රිය මාර්ගයට ගස් වැටේ

2025 June 27- Page Views : 1187

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස්  කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (27)අලුයම  ගමන් ආරම්භ කළ  උඩරට මැණිකේ දුම්රියේ රියදුරු දුර සිට මාර්ගයට කඩා වැටී තිබු ගස් දැක දුම්රිය නවතා ගැනිම නිසාවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වලකා ගැනිමට සමත් වූ බවත් දුම්රිය මගීන් පැවසූහ .

ඇල්ල පයිනස් වනරක්ශිතයේ හට ගත් ගින්නට හසුවී පිළිස්සී ගිය විශාල පයිනස් ගස් ්‍ මෙසේ දුම්රිය මාර්ගයට කඩා වැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වී තිබින .