උමාඔයේ නොවිසිඳුණු ගැටලු විසඳනවා'' - ඇමති ලාල්කාන්ත
2025 June 27- Page Views : 1188
අවිද්‍යාත්මක පදනමින් ආරම්භ කළ උමාඔය ව්‍යාපෘතියේ නොවිසිඳුණු ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උමාඔය ව්‍යාපෘතියේ නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා පත් කෙරුණු කැබිනට් අනු කමිටුව ඊයේ (26) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීයි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.