ජනපති -දකුණු අප්‍රිකා හිටපු ජනපති හමුවක්
2025 June 27- Page Views : 1187
ඉන්දියාවේ මරාති නළුවෙකුවන Tushar Ghadigaonkar සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
34 හැවිරිදි වියේ පසු වූ ඔහු, රාම් මන්දිර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කුලී නිවසේදීයි මියගොස් සිටියදී සොයා ගෙන ඇත්තේ.
රැකියාවක් නොලැබීම නිසා ඇති වූ මානසික අවපීඩනය හේතුවෙන් ඔහු මිය ගිය බවටයි පොලිසිය සැක කරන්නේ.
මියයන අවස්ථාවේ දී ඔහු නිවසේ තනිවයි සිට ඇත්තේ.
ඔහුගේ බිරිඳ නිවසට පැමිණි විට ඔහු දොර විවෘත නොකර ඇති අතර, පසුව ඇය අසල්වැසියන්ට සහ පොලිසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව නිවසේ දොර කඩා බලන විට ඔහු සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී සිටිනු දුටු බවටයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔහුව ළඟම රෝහලට ගෙන ගිය නමුත්, ඔහුව රැගෙන එනවිටත් මියගොස් ඇති බව වෛද්‍යවරු පවසා තිබෙනවා.
චිත්‍රපට කර්මාන්තයේ රැකියාවක් නොමැතිකම හේතුවෙන් ඔහු මානසික අවපීඩනයෙන් පෙළුණු බවත්, මත්පැන් පානයට යොමු වී සිටි බවත්, මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.