WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හන්තාන නැරඹීමට ගොස් අතුරුදන්වූ ළමුන් පිරිසක් මුදා ගැනේ

2025 June 29- Page Views : 1187

මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ඊයේ සවස එක්ව තිබේ.

පැවති මීදුව සහ වැසි හමුවේ ඔවුන්ට නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව  අතුරුදන් වී තිබුණි.

   ඔවුන් ඒ පිළිබඳව මව්පියන්ට දැනුම්දීමෙන් පසු යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකර ළමුන් පිරිස සොයා ගනු ලැබීය.

  මුදාගත් ළමුන් පේරාදෙණිය රෝහලට යොමු කළ අතර ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වෙයි.