WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිරගෙදර අවුරුද්දකට කෝටි 98ක් ’’ඕටී’’ ගෙවලා

2025 June 29- Page Views : 1187

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්ගේ අතිකාල සහ නිවාඩු දීමනා වෙනුවෙන් 2023 වර්ෂයේදී රුපියල් කෝටි අනූ අටකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

එය ඊට කලින් වසරට සාපේක්ෂව කෝටි දහයක වැඩිවීමකි.

මේ තත්වය හේතුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා හැකිතාක් දුරට පාලනය කරන්නැයි  විගණන අංශ අදාළ ප්‍රධානීන්ට  නිර්දේශ කර ඇත. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.