ලෝකයේ වියලිම කාන්තාරය හිමෙන් වැහිලා
2025 June 30- Page Views : 6 ලෝකයේ වියලි කාන්තාවලින් එකක් ලෙස සැලකෙන්නේ ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයයි.
මෙම වියලි කාන්තාරය මේ වනවිට හිමෙන් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇටකාමා කාන්තාරයට හිම පතනයක් සිදුවීම විපරිත කාලගුණ පෙරළියක් බව විද්‍යාඥයන්ගේ අදහසය.
මීට පෙර ද ඇටකාමා කාන්තාරය මේ අයුරින් හිමෙන් වැසී ගොස් ඇත. ඒ, මීට වසර 10 කට පෙර යැයි ද පැවැසෙයි.
විද්‍යාඥයන්, ඇටකාමා කාන්තාරය හඳුන්වන්නේ, ලෝකයේ ලෝකයේ වියළිම ධ්‍රැවීය නොවන කාන්තාරය යනුවෙනි. ඇටකාමා කාන්තාරය ඇන්දීස් කඳු වැටියට බටහිරින්, පැසිෆික් සාගරයට සමාන්තරව පිහිටා ඇත.
එය කිලෝමීටර් 1,600 කට (සැතපුම් 1,000) වඩා වැඩි දුරක් විහිදී ඇති අතර, වර්ග කිලෝමීටර් 105,000 ක පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. මෙය සහරා කාන්තාරය මෙන් වැලිවලින් පිරුණු කාන්තාරයක් නොවන අතර, ගල් සහිත භූමි ප්‍රදේශ, ලුණු විල් වැලි සහ ගිනිකඳු ලාවා වලින් ද සමන්විත වෙයි.